ශ්‍රී ලංකා භාණ්ඩාගාර අරමුදල්වලට අදාළව සිදුවූයේ යැයි කියන සයිබර් සොරකමක් (Cyber Theft) පිළිබඳ විමර්ශන සඳහා සහාය වීමට ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට පළ වන වාර්තා කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද තානාපති කාර්යාලය පැහැදිලි කර ඇත්තේ, මෑතකාලීන මාධ්‍ය වාර්තාකරණයන්හි FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාව වෙත යොදවා ඇති බවට පළ වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මෙම සයිබර් මංකොල්ලය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජනපදයේ කිසිදු ආරක්ෂක හෝ විමර්ශන කණ්ඩායමක් මෙරටට පැමිණ නොමැති බවත්, එවැනි වාර්තා පදනම් විරහිත බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.














