කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති වෙළඳ සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ඇමරිකාව විසින් කැනඩා භාණ්ඩ මත සියයට 50 ක දැවැන්ත තීරුබදු පැනවීමට පියවර ගෙන තිබේ. මීට ප්‍රතිචාර වශයෙන් සැප්තැම්බර් 8 වන දින සිට ඇමරිකාවට එරෙහිව ඩොලර් එකකට ඩොලරයක් බැගින් දැඩි ප්‍රතිප්‍රහාරක තීරුබදු පැනවීමට කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මහතා තීරණය කර ඇත. දශක ගණනාවක් පැරණි මිත්‍ර සබඳතා බිඳ වැටී ඇති මෙම තත්ත්වය දෙරට අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතාවල දැවැන්ත වෙනසක් ඇති කර තිබේ.















