ජපානයේ උසම කන්ද වන ෆුජි කඳු මුදුනේ සිය අවුරුදු හතක් වයසැති පිරිමි දරුවා පැණි බීම බෝතලයක් සහ කෙටි ආහාරයක් පමණක් දී පැය කිහිපයක් තනි කර දමා ගිය පියෙකුට පොලිසියෙන් තදින් අවවාද කර පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මීටර් 2,000කට (අඩි 6,500) වඩා උසින් පිහිටි ස්ථානයක, අධික මීදුම සහ වැසි සහිත කාලගුණය මධ්‍යයේ මෙම හත් හැවිරිදි දරුවා ෆුජි කන්දේ බංකුවක් මත වාඩි වී සිටිනු දක්නට ලැබී තිබෙනවා. තමන්ට මහන්සි බව පැවසූ පසුව, 48 හැවිරිදි මෙම පියා දරුවාට “මෙතන ඉන්න” යැයි පවසා, තම වැඩිමහල් පුතු සමඟ කන්ද නැගීම තවදුරටත් ඉදිරියට කරගෙන ගොස් ඇති බව සඳහන්.
















