දකුණු ඉරානයේ පැවැති මංගල උත්සවයක් වෙත එල්ල වූ මාරාන්තික ප්‍රහාරය ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් එල්ල කරන ලද සෘජු ප්‍රහාරයක් විය හැකි බවට ජාත්‍යන්තර ආයුධ පිළිබඳ විශේෂඥයන් හෙළිදරව් කිරීමත් සමඟ, ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඇමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ප්‍රකාශ කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි සිරීක් කලාපයේ (Sirik County) පැවැති මංගල උත්සවයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයෙන් අවුරුදු 22ක තරුණියක් ඇතුළුව පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් තවත් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. රොයිටර් පුවත් සේවය මඟින් ජාත්‍යන්තර යුද විශේෂඥයන් වෙත ලබාදුන් වීඩියෝ සහ ඡායාරූප විශ්ලේෂණය කිරීමේදී මෙය ඇමෙරිකානු ප්‍රහාරක අවියක් සෘජුවම පතිත වීමෙන් සිදුවූවක් බවට තහවුරු වී තිබේ. කෙසේ වෙතත්, නොවැම්බර් මධ්‍යවාර මැතිවරණය අභියස දැඩි ජනතා විවේචනයට ලක්ව සිටින ට්‍රම්ප් පාලනාධිකාරිය මෙතෙක් මෙහි වගකීම භාරගෙන නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරගෙන යන බව පවසා ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















