රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා වන නව ඇමෙරිකානු සාම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජෙරඩ් කුෂ්නර් (Jared Kushner) රුසියාව සහ යුක්රේනය බලා පිටත්ව යන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
වොෂින්ටන් නුවරදී මාධ්‍යවේදීන් ඇමතූ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ දෙරට අතර පවතින සටන් විරාමයකට සහ දීර්ඝකාලීන සාමයකට අදාළ යෝජනාවලිය රුසියානු සහ යුක්රේන නායකත්වයන් වෙත සෘජුවම ඉදිරිපත් කිරීම සඳහා මෙම නියෝජිත පිරිස පිටත්ව යන බවයි. ජාත්‍යන්තර මට්ටමේ සංකීර්ණ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මෙහෙයවා ඇති විට්කොෆ් සහ කුෂ්නර්ගේ මෙම විශේෂ සංචාරය හරහා වසර ගණනාවක් තිස්සේ ඇදී යන රුසියා-යුක්රේන යුද්ධයට තීරණාත්මක විසඳුමක් ලබාගැනීමට ඇමෙරිකානු පාලනාධිකාරිය අපේක්ෂා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















