ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. අමෙරිකානු ආරක්ෂක වාර්තාවක් උපුටා දක්වමින් පළ වන මෙම වාර්තාවලට අනුව යුධමය තත්ත්වය හේතුවෙන් තවත් ගුවන් යානා 10කට හානි සිදුව තිබේ.
මෙම ගැටුම් පවතින කාලසීමාව තුළ අමෙරිකානු හමුදාව ගුවන් ගමන් 13,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බව ද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














