ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා වන පිටු තුනක සාම සැලැස්මක් පිළිබඳව දෙරටේ අවධානය යොමුව ඇති බව ඇක්සියෝස් (Axios) පුවත් සේවය වාර්තා කරයි.
ඉරානය සතු ඉතිරි සාන්ද්‍රිත යුරේනියම් තොගය අත්හැරීමට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකාව විසින් දැනට අත්හිටුවා ඇති ඉරානයට අයත් ඇමරිකානු ඩොලර් බිලියන 20ක මුදලක් මුදා හැරීම පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වී තිබේ. මෙම තොරතුරු ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පිළිබඳ සමීප තොරතුරු දන්නා තවත් පුද්ගලයින් දෙදෙනෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.
මෙම පිටු තුනක සැලැස්ම මඟින් කලාපීය ස්ථාවරත්වය ඇති කිරීමටත්, දෙරට අතර පවතින සෘජු යුද ගැටුම් සමනය කිරීමටත් බලාපොරොත්තු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.











