ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්රිකට් කණ්ඩායම, පාකිස්තානයට එරෙහිව පැවති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.
මුල්තාන් ක්රිකට් ක්රීඩාංගණයේදී පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 239ක් රැස් කළේය. මෙතුක ගුණරත්න පන්දු 92කදී ලකුණු 77ක් ලබාගත් අතර රෙශෝන් සොලමන්ස් ලකුණු 42ක් සහ යෙනුල හේවාවිතාරණ ලකුණු 36ක් රැස් කළහ.
ලකුණු 240ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 39කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 140ක් පමණි. ශ්රී ලංකාව වෙනුවෙන් සඳරු මල්ශාන් ලකුණු 16කට කඩුලු 3ක් දවාගත් අතර තිසඟ පෙරේරා ලකුණු 19කට කඩුලු 2ක් බිඳ හෙළීය.
පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ මෙතුක ගුණරත්න තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. මෙම ජයත් සමඟ ශ්රී ලංකා කණ්ඩායම තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගත්තේය.
**කෙටි ලකුණු සටහන**
ශ්රී ලංකා U17 – 239/6 (පන්දුවාර 50)
පාකිස්තාන U17 – 140 (පන්දුවාර 39)
ප්රතිඵලය: ශ්රී ලංකාවට ලකුණු 99ක ජයක්.














