ඇමෙරිකාව සහ ඉරානය අතර පැවැති සාම සාකච්ඡාවලදී ඕමානය ඉටුකළ මැදිහත්කරුගේ භූමිකාව දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු නිලධාරියෙකු විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
අදාළ සාකච්ඡාවලදී ඕමානයේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් දැඩි ලෙස අසතුටට පත්වූ බව පවසන එම නිලධාරියා, ඕමානය එහිදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් ඉරානයේ සේවකයන් පිරිසක් මෙන් කටයුතු කළ බවට ද චෝදනා එල්ල කර ඇත. ඕමානයේ මෙම හැසිරීම හේතුවෙන් ඇතිවූ දැඩි අප්‍රසාදය මත, ඔවුන් සතුව තිබූ සාම්ප්‍රදායික මැදිහත්කරුගේ භූමිකාවෙන් ඔවුන්ව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















