නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරි ජෙනරාල් කෙවින් ස්නයිඩර් (General Kevin Schneider) අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා හමුවී තිබේ. මූලස්ථානය වෙත පැමිණි ඇමරිකානු ගුවන් හමුදා ප්‍රධානියා වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කෙරුණි.
මෙම නිල හමුවේදී දෙරටේ ආරක්ෂක ප්‍රධානීන් අතර කලාපීය ස්ථාවරත්වය සහ මුහුදු සීමාවේ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. හමුව අවසානයේ මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
















