2026 ICC විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23) සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම සුපිරි ජයග්‍රහණය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායිකා චමරි අතපත්තු, පන්දු යවන්නන්ට දරුණු ලෙස ප්‍රහාර එල්ල කරමින් නොදැවී ලකුණු 106ක් රැස් කරමින් සිය ශතකය වාර්තා කළාය. ඇයගේ මෙම විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් අයර්ලන්තය ලබාදුන් ඉලක්කය ඉතා පහසුවෙන් පසුකර යාමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය.
















