ඉරාන යුද ගැටුම් අතරතුර ඇමෙරිකාව විසින් විශාල වශයෙන් ගුවන් ආරක්ෂක මිසයිල භාවිත කිරීම හේතුවෙන්, එරට සතු පේට්‍රියට් (Patriot PAC-3) ප්‍රහාරක මිසයිල සංචිතය 800 දක්වා සීඝ්රයෙන් පහත වැටී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි. එක් බැලස්ටික් මිසයිලයක් විනාශ කිරීම සඳහා පේට්‍රියට් මිසයිල 2ක් හෝ 3ක් භාවිත කිරීමට සිදුවන වාතාවරණයක් තුළ, රුසියාව මසකට පමණක් බැලස්ටික් මිසයිල 100කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සහ චීනය, උතුරු කොරියාව හා ඉරානය සතුව පවතින දැවැන්ත මිසයිල සංචිත හැමුවෙහි බටහිර ආරක්ෂක පද්ධති බලවත් තර්ජනයකට ලක්ව ඇත.
ඇමෙරිකාව සහ බටහිර රටවල් තවමත් සාමකාමී යුගයක මෙන් නිෂ්පාදන කටයුතු සිදුකරද්දී, රුසියාව සහ ඉරානය වැනි රටවල් පූර්ණ යුධ සමයකට අවශ්‍ය පරිදි නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා තිබීම ප්‍රධාන ගැටලුවක් වී තිබේ. මෙම මිසයිල හිඟය හේතුවෙන් යුක්රේනයට අවශ්‍ය තරම් පේට්‍රියට් පද්ධති ලබාදීමට නොහැකි වී ඇති අතර, සවුදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ මිත්‍ර රටවල් ද ආරක්ෂක අවදානමකට මුහුණ දී සිටී. පවතින තත්ත්වය මත ඇමෙරිකාවේ ප්‍රහාරාත්මක සහ ආරක්ෂා කිරීමේ හැකියාව පිළිබඳව චීනය සහ රුසියාව වැනි ප්‍රතිවාදී රටවල් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශීය විචාරකයෝ සඳහන් කරති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal ඇසුරින්














