ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ (Diamond League) 12 වන අදියරේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්වී තිබේ.
ලොසෑන් (Lausanne) හිදී පැවැති මෙම තරගයේදී ඔහු මීටර් 88.14 ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. මෑත කාලයේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ඉහළම දක්ෂතා අතර රැඳී සිටින රුමේෂ් තරංග, ඩයමන්ඩ් ලීග් මට්ටමේ තරගාවලියකදී ලබාගත් මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට තවත් රන් සටහනක් එක්කරයි.














