ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා රට වෙනුවෙන් තම කැපවීම අවධාරණය කරමින් සෘජු ප්‍රකාශයක් සිදුකර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් ඇමරිකාව වෙනුවෙන් ඩොලර් ට්‍රිලියන 18ක මුදලක් උපයා දී ඇති බවයි. තමන් සංචාරය කරන සෑම අවස්ථාවකදීම ඇමරිකාව වෙනුවෙන් මුදල් උපයා දෙන බවත් තමන්ට පෞද්ගලිකව මුදල් අවශ්‍ය නොවන බවත් පවසන ඒ මහතා තමන් සතුව දැනටමත් ප්‍රමාණවත් තරම් මුදල් පවතින බැවින් තම එකම අරමුණ රට වෙනුවෙන් මුදල් උපයා දීම සහ රටට සේවය කිරීම පමණක් බව ද වැඩිදුරටත් සඳහන් කරයි. තමන්ට වඩා රට පෙරට තබා ක්‍රියා කරන නායකයෙකු ලෙස සිය ස්ථාවරය නැවත වරක් තහවුරු කරමින් ඔහු අවධාරණය කරන්නේ තමන්ගේ මූලික අරමුණ ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීම පමණක් බවයි.














