වත්මන් රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ වන්නේ සහකම්පනය (Empathy) සහ පරිකල්පනය (Imagination) සහිත නිර්මාණශීලී නායකයන් පිරිසක් රටට දායාද කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ 2024 සහ 2025 වසරවල සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. එහිදී තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙනුවෙන් සම්මාන, සහතික පත්‍ර සහ මුදල් ත්‍යාග පිරිනැමීම ද ඇය අතින් සිදු විය.
මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සහ ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. කලාව සහ නාට්‍ය ක්ෂේත්‍රය හරහා සිසුන්ගේ පෞරුෂය වර්ධනය කිරීමේ වැදගත්කම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.














