චීනයේ වර්ධනය වෙමින් පවතින බලපෑමට මුහුණ දීම සඳහා තම මිලිටරි වියදම් ඉහළ නංවන ලෙස අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ආසියානු කලාපයේ මිත්‍ර රටවලින් ඉල්ලා සිටී. සිංගප්පූරුවේ පැවැත්වෙන ‘ෂැංග්‍රි-ලා සංවාදය’ ආරක්ෂක සංසදයේදී ඔහු මෙම අදහස් පළ කළේය. චීනයේ ශීඝ්‍ර මිලිටරි වර්ධනය සහ එමඟින් කලාපීය බල තුලනය බිඳ වැටීමට ඇති හැකියාව පිළිබඳව හෙග්සෙත් දැඩි කණස්සල්ල පළ කළේය. ඕනෑම ආකාරයක ආක්‍රමණශීලී ක්‍රියාවක් වැළැක්වීමට සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට ශක්තිමත් මිත්‍ර රාජ්‍ය ජාලයක අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය. අමෙරිකාව දැනට ආරක්ෂක අංශ වෙනුවෙන් ඩොලර් ට්‍රිලියන 1.5ක් ආයෝජනය කරන අතර, මිත්‍ර රටවල් ද ඔවුන්ගේ ආරක්ෂක වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක් දක්වා ඉහළ නංවනු ඇතැයි අමෙරිකාව අපේක්ෂා කරයි. සාකච්ඡාවලට පමණක් සීමා නොවී ප්‍රායෝගික ක්‍රියාමාර්ග වෙත යොමු වීමේ වැදගත්කම පෙන්වා දුන් හෙග්සෙත්, කලාපයට දැනට අවශ්‍ය කරන්නේ සමුළු නොව යුද නැව් සහ සබ්මැරීන වැනි මිලිටරි සම්පත් බව පැවසීය. අමෙරිකා-චීන සබඳතා සංකීර්ණ මට්ටමක පැවතියද, දෙරට අතර නොසන්සුන්තා කළමනාකරණය කර ගැනීමට උපකාරී වන හමුදාමය සන්නිවේදනය මෑතකදී ඉහළ ගොස් ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
















