ගාසා තීරයේ වසන පලස්තීන ජනගහනය එතැනින් ඉවත් කිරීමට සහ අවතැන් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රායෙල් කැට්ස් (Israel Katz) ඇතුළු එරට ප්‍රමුඛ දේශපාලනඥයන් ඉදිරිපත් කළ යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සෘජුවම ප්‍රතික්ෂේප කරයි.
අල් ජසීරා පුවත් සේවය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සාම සැලසුමට අනුව ගාසා තීරයෙන් කිසිදු පලස්තීන ජාතිකයෙකු බලහත්කාරයෙන් ඉවත් කිරීමට හෝ වෙනත් රටවලට පන්නා දැමීමට වොෂින්ටන් පාලනය සහාය නොදක්වන බවයි. ගාසා තීරයෙන් පලස්තීනුවන් ඉවත් කිරීම අර්බුදයට ඇති එකම විසඳුම බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතාමාර් බෙන්-ගවීර් (Itamar Ben-Gvir) ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත්, ඇමෙරිකාව අවධාරණය කරන්නේ පලස්තීන වැසියන් ගාසා තීරයේම තබා ගනිමින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු බවයි.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















