ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිරියාව ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ (State Sponsors of Terrorism) ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් කර ඇති බව ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කොංග්‍රස් මණ්ඩලයේ දින 45 ක නිරීක්ෂණ කාලසීමාව අවසන් වීමෙන් පසුව අද (24) මෙම නිල ප්‍රකාශයට පත් කිරීම සිදු කර ඇති අතර, ඊට සමගාමීව “අල් நுස්රා ෆ්‍රොන්ට්” (Nusrah Front) සංවිධානයට පනවා තිබූ විශේෂිත ගෝලීය ත්‍රස්තවාදී (Specially Designated Global Terrorist) ලේබලය ද ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම තීරණයත් සමඟ සිරියාවට එරෙහිව පැවැති ඇමෙරිකානු විදේශ ආධාර, ආරක්ෂක අපනයන සහ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් පැවැති සීමාවන් ලිහිල් වන අතර, සිරියාවේ නව ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික ඉදිරිගමනට මෙය සුවිශේෂී රුකුලක් වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














