එක්සත් ජනපදයට අන් රටවල් සමඟ පවතින සබඳතා තවදුරටත් සීමා කිරීමට තරම් ආර්ථික ශක්තියක් නොමැති බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගාලිබෆ් සඳහන් කර ඇති බව Asia One පුවත් සේවය වාර්තා කරයි.
ඇමරිකාව නිකුත් කරන ආර්ථික තර්ජන සහ ප්‍රකාශ නිකන්ම “හිස් වචන” පමණක් බවත්, ඉරානයේ වෙළඳ හවුල්කාර රටවල් ඇමරිකාවේ මෙම අවවාද හා තර්ජන මායිම් නොකරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනපද භාණ්ඩාගාරය මගින් ඉරානයට එරෙහිව නව ද්විතීයික සම්බාධක පැනවීමට සූදානම් වන පසුබිමක, ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරුවෙකු ද වන ගාලිබෆ් සඳහන් කර සිටින්නේ වොෂින්ටනයේ මෙම ආර්ථික මර්දන ව්‍යාපාරය හමුවේ ඉරානය සිය විදේශීය වෙළඳ කටයුතු ප්‍රාදේශීය මුදල් ඒකක භාවිත කරමින් ඉදිරියටම පවත්වාගෙන යන බවයි.














