ඉරාන සම්බාධක මඟ හැරීමේ ක්‍රියාවලීන්ට සම්බන්ධ වීම හේතුවෙන් රුසියාවේ දෙවන විශාලතම මූල්‍ය ආයතනය වන VTB බැංකුවට එරෙහිව ඇමරිකාව විසින් නව සම්බාධක පනවා ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉරානයට එරෙහි ආර්ථික පීඩනය තවදුරටත් තීව්ර කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ට්‍රම්ප් පාලන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන “Operation Economic Outcast” මෙහෙයුම යටතේ ඉරාන පාලන තන්ත්රයට මූල්‍ය හෝ තාක්ෂණික සහය ලබා දෙන කිසිදු පාර්ශ්වයක් ඉවසා නොසිටින බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අවධාරණය කර ඇත. මොස්කව්හි යුක්රේන ආක්‍රමණය හේතුවෙන් 2022 වසරේදී ද මෙම බැංකුවට එරෙහිව සම්බාධක පනවා තිබිණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














