27 April 2024
#දේශීය

අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනෙන් පිටව යයි

දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා අද (28) ශ්‍රී ලංකා සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටව යයි.

ඔහු දහවල් කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබේ.

ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවීමෙන් අනතුරුවයි.

අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු ධූත පිරිස පස්වරු 1.06 ට ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *