• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාර්ග සංවර්ධනයට නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වයත් හිමි වේ

28 October 2020
in දේශීය

මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කීරිමේ ජාතික වැඩසටහන, අනෙකුත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා පාලම් ව්‍යාපෘති කඩිනම් කිරීම සදහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇත.

ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් අද (28) දින ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මාර්ග, පාලම්, ගොඩනැගිලි, ජල සම්පාදන ව්‍යාපෘති, වැව් ප්‍රතිසංස්කරණය, පෙර සවි කොන්ක්‍රීට් නිපැයුම් හා ඉදිකිරීම් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යභාරයයි.

විශේෂයෙන්ම දිවයින පූරා ක්‍රියාත්මක මාර්ග සංඥා පද්ධති හා නඩත්තු කටයුතු මෙම සංස්ථාවට පැවරී ඇති අතර එම කාර්යයන් වඩාත් විධිමත්ව පවත්වාගෙන යාම පිළිබදව මෙහිදී සාකච්ජා කරනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම හා ග්‍රාමීය පාලම් 5,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ දායකත්වය ලබා ගැනීම හා එම කාර්යයන් වඩාත් උසස් තත්ත්වයෙන් සිදු කිරීම පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජාවට ලක් විය.

ලංකාවේ සෑම ආසනයකම මාර්ග හා පාලම් ව්‍යාපෘති ක්‍රියාක්මක වන බැවින් අදාළ ඉලක්කයන් ඉදිරි වසර හතර තුළ සපූරාලිය යුතු බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව වඩාත් විධිමත් ලෙස රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ක්‍රියාත්මක වීමේ වැදගත්කම රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඩී.පී.එම්. චන්දන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

 

Post Views: 6
Previous Post

බස්නාහිර පළාතටම හෙට මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය

Next Post

අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනෙන් පිටව යයි

editor

editor

Next Post

අමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනෙන් පිටව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved