27 April 2024
#දේශීය

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට- ජනපති – අගමැති හමුව අද

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියේය.

ඒ අනුව ඔහු අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) ඉන්දියානු සංචාරය නිමා කරමින් මෙරටට පැමිණියේය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරින් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් විසින් පිළිගනු ලැබීය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය සංචාරය අවසන් කර අද (28) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *