27 April 2024
#දේශීය

කොළඹ මහනගර සිමාව තුළ දින 08කදී කොරෝනා 1150 ක් බව නගරාධිපතිනිය කියයි

කොළඹ මහ නගර සභාව මගින් අහඹු ලෙස පීසී ආර් පරීක්ෂණ සිදු කළ බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

නගරාධිපතිනිය ඊයේ (27) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දින 08 දී කළ පීසීආර් පරීක්ෂණවලින් 1150කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වු බවයි.

පසුගිය දින හත ඇතුළත කොරෝනා ආසාදිතයන් 956 ක්ද, අද දිනය ඇතුළත කොරෝනා ආසාදිතයන් 180ක් පමණ ද තහවුරු කර ගැණුනු බව නගරාධිපතිවරිය පැවසුවාය.

ඇය කියා සිටියේ මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් හමුවුණු දවසේ සිට රැන්ඩම් චෙක් කළ බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *