අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ පවතින සටන් විරාමය දින නියමයක් නොමැතිව දීර්ඝ කිරීමට පියවර ගැනීමත් සමඟ, අද (22) ඇමරිකානු කොටස් වෙළඳපොළේ අනාගත දර්ශක (Futures) කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ආතතිය යම්තාක් දුරකට සමනය වීමේ ලකුණු පහළ වීම ආයෝජකයන්ගේ විශ්වාසය යළි තහවුරු කිරීමට හේතු වී තිබේ.
අද පෙරවරුවේ වාර්තා වූ දත්තවලට අනුව Dow e-minis දර්ශකය ඒකක 171 කින් (0.35%) ද, S&P 500 E-minis දර්ශකය ඒකක 31 කින් (0.44%) ද සහ Nasdaq 100 E-minis දර්ශකය ඒකක 155.5 කින් (0.58%) ද ඉහළ ගොස් ඇත. ඉරානය සහ ඇමරිකාවේ මිත්‍ර පාර්ශවයක් වන ඉශ්‍රායලය මෙම සටන් විරාමයට එකඟ වන්නේද යන්න පිළිබඳව තවමත් යම් අවිනිශ්චිතතාවයක් පැවතියද, ආයෝජකයන් මෙම තීරණය දකින්නේ වෙළඳපොළට ලැබුණු සුභවාදී පණිවිඩයක් ලෙසිනි.
උද්ධමනය ඉහළ යාමේ අවදානම තවමත් පහව ගොස් නොමැති වුවද, යුදමය වාතාවරණය හේතුවෙන් පැවති දැඩි අවිනිශ්චිත භාවය දැන් ක්‍රමයෙන් පහව යනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ අපේක්ෂා කරති. විශේෂයෙන්ම තෙල් මිල කෙරෙහි එල්ල වී තිබූ පීඩනය මෙම සටන් විරාමය හරහා අඩුවීම, ගෝලීය ආර්ථිකයට සහ කොටස් වෙළඳපොළට ඉදිරි කාලයේදී සාධනීය බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කෙරේ.












