හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව උද්ගත වී ඇති නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ ඇමෙරිකාව විසින් අද උදෑසන ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඇමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය නිවේදනය කරන්නේ, විනාඩි 90ක කාලයක් අඛණ්ඩව මෙම ප්‍රහාර දියත් කළ බවයි.
පසුගිය රාත්‍රියේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් ඉරාන හමුදා නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇමෙරිකානු ප්‍රහාර නිසා මේ වන විට පුද්ගලයින් 260කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා දරුවන් ද වන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශක හොසේන් කර්මන්පූර් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ, ඉරානය නැවත සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් එරට සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර බෝම්බ හෙලන බවයි.
මෙම යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ ඇමෙරිකාවේ ගෑස් මිල ගණන් අද උදෑසන නැවත වරක් ඉහළ ගොස් ඇත.
















