ඇමරිකානු මහා භාණ්ඩාගාරය විසින් (U.S. Treasury) බැංකු කිහිපයක් වෙත දැනුම්දී ඇත්තේ, ජපාන යෙන් මුදල් වෙළඳපොළට තමන් මැදිහත් වීමට ඉඩ ඇති බැවින් “අනාගත ක්‍රියාමාර්ග සඳහා සූදානම්ව සිටින ලෙසයි” මේ සම්බන්ධයෙන් දැනුවත් මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
නිව් යෝර්ක් ෆෙඩරල් රක්ෂිත බැංකුව හරහා බැංකු වෙත මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ, ජපන් බලධාරීන් යෙන් මුදල් ඒකකය ස්ථාවර කිරීම සඳහා මැදිහත් වී දිනකට පසුවය. මෙම තත්ත්වය හමුවේ යෙන් මුදල් ඒකකය පසුගිය පෙබරවාරි මාසයෙන් පසු එහි විශාලතම සතිපතා ඉහළ යාම වාර්තා කිරීමට සමත්ව ඇති අතර, ඩොලරයට එරෙහිව දශක හතරක අවම අගයකින් එය මුදවා ගැනීමට හැකි වී තිබේ.














