මාතර රාහුල විද්‍යාලයේ වජ්‍ර ජයන්ති පුස්තකාල ගොඩනැගිල්ලේ පිහිටි ලේඛනාගාරයේ ඊයේ (05) පස්වරුවේ හදිසි ගිනිගැනීමක් හටගෙන ඇති අතර, මේ වන විට එය සම්පූර්ණයෙන්ම මැඬපවත්වා තිබේ.
විදුදැය විද්‍යාලයේ පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙමින් තිබූ අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් එය සිදුවන්නට ඇති බවට මාතර පොලිසිය සැක පළ කරයි. මාතර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය වහා ක්‍රියාත්මක වී ගින්න අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීමට නොදී පාලනය කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














