• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට විදුලිබල සංවර්ධනයට අමෙරිකාවෙන් සහාය

26 June 2020
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වල දී ඇමරිකා එක්සත් ජනපද රජය සෑම විටම සහයෝගය දක්වන බවත් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘතිවලට ඇමරිකා ඒක්සත් ජනපද රජයේ තාක්ෂණික සහයෝගය ලබා දීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Alaina B. Teplitz මහත්මිය පැවසුවාය.

Alaina B. Teplitz මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (25) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිල වශයෙන් හමු වී සාකච්ඡා කළ අවස්ථාවේය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා 2023 වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාව ඉක්මවමින් විදුලිබලය නිපදවීමට අවශ්‍ය වැඩ පිළිවෙළ තමන් ආරම්භ කර ඇති බව කීවේය. ඒ් යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගෙන තිබේ. නොරොච්චෝල නව ගල්අගුරු බලාගාරය පරිසර හිතකාමි ලෙස නව තාක්ෂණය යටතේ ඉදි කිරීමට යෝජිතය.

එමෙන්ම මෙම වසර අවසන් වනවිට උමාඔය, මන්නාරම සුළං බල ව්‍යාපෘතිය, බ්‍රෝඩ්ලන්ඩ් හා යාපනය සූර්ය බල ව්‍යාපෘති විවෘත කිරීමට නියමිතය. එසේම 2023 වනවිට ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට යෝජිත නව ගල්අගුරු බලාගාර හා ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය ඇතුලු විදුලිබල සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මහජනතාවගේ විදුලි බිල අඩු කීරීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පැවසිය.

මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි Alaina B. Teplitz මහත්මිය කියා සිටියේ ඒ් සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික සහයෝගය ලබා දීමට තම රට සූදානම් බවයි. එපමණක් නොව දැනට අප රටේ නාගරිකව පවතින මාර්ග තදබදය අවම කිරීම සඳහාත් ඒ් සඳහා යොදා ගත හැකි නව තාක්ෂණය හඳුන්වා දීමට අවශ්‍ය වන්නේ නම් ඒ් පිළිබඳව අවධානය යොමු කර කටයුතු කළ හැකි බවත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාව සමග දීර්ඝකාලයක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදය සහයෝගයෙන් කටයුතු කර ඇති බවත්, තවදුරටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට තම රටේ උපරිම සහයෝගය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

Post Views: 10
Previous Post

අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

Next Post

මැතිවරණයේදි පොරොන්දු වූ මාධ්‍ය නිදහස මේකද ? කිරිඇල්ල ආණ්ඩුවෙන් අසයි

editor

editor

Next Post

මැතිවරණයේදි පොරොන්දු වූ මාධ්‍ය නිදහස මේකද ? කිරිඇල්ල ආණ්ඩුවෙන් අසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved