27 April 2024
#දේශීය

උකුවෙල කොට්ඨාශය තුළ වගා කළ හැකි ඉඩම් කඩිනමින් යොදා ගන්න – රාජ්‍ය ඇමැති රෝහණ

ආහාර සුරක්ෂීතතාවය සහ පෝෂනය පිළිබදව පෙරට වඩා වර්තමානයේදි අවධානය යොමු කළ යුතු බවත් උකුවෙල කොට්ඨාශය තුළ වගා කළ හැකි ඉඩම් කෘෂිකාර්මික කටයුතු සදහා යොදා ගත යුතු බවත් ඒ සදහා ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දිමට තමා සුදානම් බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු-ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය සඳහා වූ උකුවෙල කොට්ඨාශයේ රැස්විම ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති අවස්ථාවේදි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ කොට්ඨාශයේ සියලු ජනතාව සදහා හිගයකින් තොරව ආහාර සැපයිමේ අවශ්‍යතාවය පවතින බවත් මේ සදහා සියලු දෙනාගේ උපකාරය මේ මොහතේදි අවශ්‍ය බවත් වර්තමානයේ දි පැන නැගී ඇති ආහාර සුරක්ෂිතතා හා පෝෂණ ගැටළු විසදීම සඳහා සියලුම රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් මනා කැපවීමකින් කටයුතු කර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය දායකත්වය ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදි නිලධාරින්ගෙන් ඉල්ලා සිටියහ.

පෝෂණ අවදානම් හදුනාගැනීමෙන් පසු ඔවුන් වෙත සුවිශේෂී අවධානයක් යොමු කොට බහු ආංශික ප්‍රවේශයක් තුළින් පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි වසම් 73 තුළ දැනටමත් ග්‍රාමීය මටිටමේ කමිටු පිහිටුවා අවසන් බව ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය පැවසුවාය.

“සෑම පුරවැසියෙකුටම රටෙහි පවතින ඕනෑම තත්ත්වයකදී වුවද, ක්‍රියාශීලී නිරෝගී දිවි පැවැත්මකට අවශ්‍ය ප්‍රමාණවත් ආහාර සාධාරණ මිලකට ලබාගැනීමට හැකිවීම” යන දැක්ම පෙරදැරිව ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා වූ මෙම ජාතික වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන සිසිර ජයම්පති ඇටිපොල,ගාමිණි කුලතුංග,උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩි.ඩබ් විජේරත්න යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් රැස්ව සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *