දින 200කට අධික කාලයක් යුද කටයුතුවල යෙදී සිටීමෙන් අනතුරුව මැරීන් භටයින් 5,000ක් රැගත් එක්සත් ජනපද USS Abraham Lincoln ගුවන් යානා යුද නෞකාව හෙට (02) දිනයේ දී තායිලන්තයේ ලැම්චුරම් වරාය වෙත පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තායිලන්තයේ ප්‍රධාන වශයෙන් සංචාරක ආකර්ෂණ දිනාගත් තරගය වත පතායා වෙත මෙම නෞකාව පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
දින 200කට අධික කාලයක් අඛණ්ඩව මුහුදේ ගත කිරීමෙන් පසු මැරීන් භටයින්ට විවේක සුවයෙන් ගත කිරීමේ අරමුණින් නෞකාව තායිලන්තයේ පතායා නගරය වෙත පැමිණීමට නියමිත අතර, පතායා නගරය ලොව වැඩිම ගණිකාවක් සිටින නගරයක් ලෙස ද සැලකේ. මේ අතර පතායා නගරය වෙත පැමිණෙන මෙම භට පිරිස් වෙත සේවා සැපයීම වෙනුවෙන් තායිලන්තය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව වාර්තා වේ. මෙලෙස මෙම නෞකාව තායිලන්තයේ ලැම්චුරම් ලම තුළින් එරටට විශාල ආර්ථික වාසියක් අත්කර ගත හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
















