ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රබලතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ‘USS George H.W. Bush’ ගුවන් යානා වාහක නෞකාව පර්සියානු ගල්ෆ් කලාපයට ළඟා වීම සඳහා සමස්ත අප්‍රිකානු මහද්වීපය වටා යාත්‍රා කිරීමට තීරණය කර තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි ගමන් සඳහා භාවිත කරන මධ්‍යධරණී මුහුද සහ රතු මුහුද හරහා වැටී ඇති කෙටි මාර්ගය භාවිත නොකිරීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත්තේ හූති (Houthi) සටන්කාමීන්ගේ පාලනය යටතේ පවතින මුහුදු සීමාවන් මගහැරීම සඳහාය.
USNI සහ Clash Report වාර්තා කරන පරිදි, ලෝකයේ බලවත්ම නාවික හමුදාව සතු මෙවැනි දැවැන්ත නෞකාවක්, සීමිත සම්පත් සහිත ගරිල්ලා කණ්ඩායමක ප්‍රහාර හමුවේ සිය ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදුවීම ජාත්‍යන්තර මිලිටරි විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. මෙම නෞකාව අප්‍රිකාව වටා යාත්‍රා කිරීම සඳහා වැය වන අමතර ඉන්ධන පිරිවැය හූති සංවිධානයේ සමස්ත වාර්ෂික අයවැයටත් වඩා වැඩි විය හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතාවය හමුවේ, සිය ප්‍රධාන යුද නෞකාවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමෙරිකාව මෙවැනි දැඩි තීරණයක් ගෙන තිබේ. මෙම සිදුවීම මගින් රතු මුහුදේ පවතින අනාරක්ෂිත බව සහ හූති සටන්කාමීන් විසින් ගෝලීය නාවික ගමන් මාර්ගවලට එල්ල කර ඇති බලපෑම මැනවින් විදහා දක්වයි.
තොරතුරු උපුටා ගැනීම: USNI සහ Clash Report ඇසුරින්














