ඌව පළාතේ දීර්ඝ කාලයක සිට ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය නිල වශයෙන් තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ඉඩම් බලපත්‍ර 10,731ක් ප්‍රදානය කිරීමේ දැවැන්ත වැඩසටහන යටතේ සොරණාතොට, මීගහකිවුල සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කිරීම ඊයේ (19) සාර්ථකව සිදු කෙරුණා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව එක්ව බදුල්ල දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරන මෙම සුවිශේෂී වැඩසටහන යටතේ ඊයේ දිනයේදී සොරණාතොට ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 246 දෙනෙකුට, මීගහකිවුල ප්‍රදේශයේ 229 දෙනෙකුට, කන්දකැටිය ප්‍රදේශයේ 141 දෙනෙකුට සහ බදුල්ල ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 30 දෙනෙකුට ඉඩම් බලපත්‍ර නිල වශයෙන් ප්‍රදානය කර තිබෙනවා. මෙම සමස්ත වැඩසටහන මඟින් දීර්ඝ කාලීනව පීඩාවට පත්ව සිටි ජනතාවගේ නිසි ඉඩම් අයිතිය තහවුරු කරමින් ඔවුන්ගේ සමාජීය හා ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන අතර, මෙය රටේ දිගුකාලීන සංවර්ධන ඉලක්ක කරා යන වැදගත් පියවරක් ලෙස ද සැලකෙනවා.
















