ඌව පළාත් සභාවේ තාවකාලික, අනියම්, දෛනික, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන සිටි සේවකයන් 143 දෙනකුට ස්ථිර පත්වීම් ලිපි ලබාදීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්සර, පැල්ගහතැන්න පුහුණු ආයතනයේදී සිදු කෙරිණි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 11/2026 ප්‍රකාරව මෙම පත්වීම් ලිපි ප්‍රදානය කර ඇති අතර, පසුගිය රජයන් මඟින් ලබාදුන් පත්වීම් ස්ථිර නොකිරීම හේතුවෙන් තමන් වසර 5ත් 16ත් අතර කාලයක් දැඩි පීඩාවකට පත්ව සිටි බව පත්වීම් ලැබූ සේවකයෝ මෙහිදී පැවසූහ. ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, ඌව ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් පුහුණු) හේමන්ත දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම උත්සවය සඳහා එක්ව සිටියහ.














