• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයේ ධනවත්ම මිනිස්සු ඉන්නෙ ලන්කාවෙ

-පඤ්ඤාකර හිමි-

2 May 2026
in දේශීය, පුවත්
ලෝකයේ ධනවත්ම මිනිස්සු ඉන්නෙ  ලන්කාවෙ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකය පුරා සාමය පතා පා ගමනින් වැඩම කරන ඇමරිකාවේ වෙසෙන වියට්නාම ජාතික පඤ්ඤාකර හිමියන් අද දිනයේ නැවත ඇමරිකාව බලා වැඩම කළහ. එහිදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේගේ මුවින් පිටවූ වදන් පෙළ මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමු කිරීමට සමත් විය. උන්වහන්සේ පවසා සිටියේ තමන් ලෝකයේ රටවල් රාශියක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකාව වැනි මනුස්සකමින් පිරුණු දේශයක් තවත් කොහේවත් හමු නොවූ බවයි.
උන්වහන්සේ සිය අත්දැකීම් විස්තර කරමින් පැවසුවේ දඹුල්ලේ සිට කොළඹ දක්වා වූ සිය ගමනේදී දුටු වඩාත් අමතක නොවන දසුන කෙසෙල් කොළ මාවත බවයි.
“රජවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන් ලෝකය පුරා රතු පලස් එලනවා මම දැක තිබෙනවා. නමුත් හිරු රශ්මියෙන් රත්වූ මහ පොළොව මත පාවහන් රහිතව වැඩම කළ අපගේ පාද සිසිල් කරන්නට සාමාන්‍ය ලාංකික ජනතාව සැතපුම් ගණනාවක් පුරා කෙසෙල් කොළ අතුරා තිබුණා. ඒ කෙසෙල් කොළ මත ඔවුන් ගලා යන සීතල පැන් ඉසිනවා මම දුටුවා. එය රතු පලසකට වඩා දහස් වාරයක් වටිනා ගෞරවයේ සළුවක් ලෙසයි මම දකින්නේ”
ශ්‍රී ලංකාව පවතින්නේ ආර්ථික අර්බුදයක බව ලෝකයම දන්නා කරුණකි. පඤ්ඤාකර හිමියන් සිය දේශනයේදී මේ පිළිබඳව අපූරු අදහසක් ඉදිරිපත් කළහ. උන්වහන්සේ පවසා සිටියේ ලංකාවේ මිනිසුන්ගේ අතේ මුදල් හිඟ වුවද ඔවුන්ගේ හදවත්වල ශ්‍රද්ධාව සහ කරුණාව ලෝකයේ වෙනත් කිසිදු ධනවත් රටකට සමාන කළ නොහැකි බවයි.
තමන් වැඩම කරන මාවත දෙපස සිටි කුඩා දරුවාගේ සිට මහලු ආච්චි අම්මා දක්වා වූ සියලු දෙනා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව තමන්ට හැකි උපරිමයෙන් දානය පිරිනැමූ අයුරු උන්වහන්සේ සිහිපත් කළේ නෙතඟ කඳුළක් රඳවාගනිමිනි.
“සමහර අවස්ථාවල මිනිස්සු අපේ ඇඟේ හැපෙන තරමට අපිට ආදරේ කළා. ඒක පීඩනයක් නෙවෙයි ඒක ඔවුන්ගේ හදවතේ තිබුණ භක්තිය පිටාර ගැලීමක්” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.
ඇමරිකාවේ සිටි මාධ්‍යවේදීන් හමුවේ උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ ලෝකයට සාමය සහ කරුණාව ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව දෙස බැලිය යුතු බවයි. හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී පීඩාවට පත් වූවෙකු වෙනුවෙන් මාවතක් පුරා කෙසෙල් කොළ අතුරා දිය පොදක් පිරිනමන්නට තරම් උතුම් මිනිස්සු වෙසෙන ඒ දේශය ලෝකයටම ආදර්ශයක් බව උන්වහන්සේ අවධාරණය කළහ.
ලංකාවෙන් නික්ම ගියද ලාංකිකයන්ගේ ඒ කෙසෙල් කොළ සත්කාරය සහ නිහතමානී සිනහව තමන් වහන්සේගේ හදවතේ සදාකාලිකව රැඳෙන බව පඤ්ඤාකර හිමියන් සිය කතාව නිමා කරමින් පවසා සිටියහ.
Post Views: 1
Previous Post

මේක IMF පදයට නටන රුකඩ ආණ්ඩුවක්

Next Post

අනුරාධපුර සුළු වී ගොවීන්ට FAO වෙතින් ඩොලර් 300,000ක පොහොර ආධාර

Editor TTV News

Editor TTV News

Next Post
අනුරාධපුර සුළු වී ගොවීන්ට  FAO වෙතින්  ඩොලර් 300,000ක  පොහොර ආධාර

අනුරාධපුර සුළු වී ගොවීන්ට FAO වෙතින් ඩොලර් 300,000ක පොහොර ආධාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජර්මනියේ සිටින  ඇමරිකානු හමුදා භටයින් 5,000ක්  ඉවත් කිරීමට සැලසුම්

ජර්මනියේ සිටින ඇමරිකානු හමුදා භටයින් 5,000ක් ඉවත් කිරීමට සැලසුම්

2 May 2026
ඉදිරි වසර කිහිපය තුළ  රට ඉහළම තැනකට ඔසවා තබනවා   අගමැති රත්නපුර  මැයි රැලියේදී කියයි

ඉදිරි වසර කිහිපය තුළ රට ඉහළම තැනකට ඔසවා තබනවා අගමැති රත්නපුර මැයි රැලියේදී කියයි

2 May 2026
හජ් වන්දනාව සඳහා ප්‍රථම වන්දනා නඩය  මක්කම බලා පිටත්ව යයි

හජ් වන්දනාව සඳහා ප්‍රථම වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි

2 May 2026
පන්නලදී  විදේශීය පිස්තෝලයක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට

පන්නලදී විදේශීය පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉදිරි වසර කිහිපය තුළ  රට ඉහළම තැනකට ඔසවා තබනවා   අගමැති රත්නපුර  මැයි රැලියේදී කියයි

ඉදිරි වසර කිහිපය තුළ රට ඉහළම තැනකට ඔසවා තබනවා අගමැති රත්නපුර මැයි රැලියේදී කියයි

2 May 2026
හජ් වන්දනාව සඳහා ප්‍රථම වන්දනා නඩය  මක්කම බලා පිටත්ව යයි

හජ් වන්දනාව සඳහා ප්‍රථම වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved