පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩය හෙට (24) පස්වරු 4.00 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල සහ මොනරාගල යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර දෙකක් යටතේ මෙම විමසිලිමත් වීමේ සහ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත, කුරුවිට සහ රත්නපුර, කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ අරණායක, මෙන්ම නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා වැඩි අවධානයක් යොමු කරන ලෙස දන්වා තිබේ. මීට අමතරව බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්රික්කවල තවත් ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා ද අදියර එක යටතේ විමසිලිමත් වන ලෙසට දැනුම් දී ඇති බැවින්, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අදාළ ප්රදේශවල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් හදිසි ආපදා තත්ත්වයකදී ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටියි.











