26 July 2024
#දේශීය #පුවත්

එජාපය ශක්තිමත් කරන්න වජිර උතුරේ වැඩ අරඹයි

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සහ උතුරු පළාත් එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධාකවරුන් සමග විශේෂ හමුවක් අද (5) පෙරවරුවේ වව්නියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා.

ජනාධිපතිවරයා උතුරු පළාත කේනද්‍ර කොට ගෙන දියත් කිරීමට නියමිත වැඩපිළිවෙල සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව මන්ත්‍රීවරයා විසින් මෙහිදී එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් හට දිර්ඝ ලෙස පැහැදිලි කලේය.

මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා ලෙස ඔවුන්ට සහ උතුරු පළාත් ජනතාව මුහුණදෙන ගැටලු පිළිබදවද මෙහිදී සාකච්ඡා කළ අතර එම ගැටලු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කොට හැකි කඩිනමින් විසඳුම් ලබාදීමට රජය මඟින් කටයුතු කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *