27 April 2024
#සංවර්ධන

මාතලේ මී හා කුඹුක් පැල දහසක් රෝපනය කරයි

පල්ලේපොල ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක මහතාගේ සංකල්පයක් අනුව කොට්ඨාසයේ මී හා කුඹුක් පැල දහසක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය ‍පසුගියදා පැවැත්විණි.

පල්ලේපොල ප්‍රාදේශියය සභාව හා පොල්වත්ත ග්‍රාමිය ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

පොල්වත්ත ග්‍රාමීය ලේකම් කාර්යාලය අසල පැවති ආරම්භක උත්සවට පල්ලේපොල ප්‍රාෙද්ශීය සභාවේ සභාපති ජගත් වසන්ත දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පොල්වත්ත ග්‍රාම නිලධාරී නීල් ප්‍රියන්ත කරුණාරත්න මහතා උත්සවය සංවිධානය කොට තිබිණි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *