ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින්, හේලීස් ඇග්‍රිකල්චර් හෝල්ඩින්ස් ලිමිටඩ් හි අනුබද්ධිත සමාගමක් වන Hayleys Nature Nest (Pvt) Ltd හරහා මෙරට ප්‍රථම ශීත කළ සාන්ද්‍රිත පොල් වතුර (Frozen Concentrated Coconut Water) නිෂ්පාදනාගාරය විවෘත කර තිබේ.
දේශීයව ලබාගන්නා පොල් වතුර නවීන තාක්ෂණය භාවිතයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන උසස් තත්ත්වයේ ශීත කළ සාන්ද්‍රිත නිෂ්පාදනයක් බවට පත් කරන මෙම නව ව්‍යාපෘතිය මඟින්, දේශීය පොල් වගාකරුවන් සහ ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීමටත්, අගය එකතු කළ කෘෂිකාර්මික අපනයන ප්‍රවර්ධනය කිරීම හරහා රටේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත් අපේක්ෂා කෙරේ.














