සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බැද්දර පද්මේ’ සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇත.
















