මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් අංක තහඩු නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් වාහන 413,000ක් පමණ නිසි අංක තහඩු නොමැතිව ධාවනය වන බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇත.
අංක තහඩු මිලදී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු දැනටමත් අවසන් කර ඇති අතර, ලබන මැයි මාසය අවසන් වීමට පෙර අදාළ අංක තහඩු ලබා දීමට හැකි වනු ඇතැයි නිලධාරීන් මෙහිදී සහතික වී තිබේ. නිසි අංක තහඩු නොමැති වීම නිසා මහමග ධාවනයේදී පොලිස් නිලධාරීන්ගෙන් විවිධ බාධාවලට මුහුණ දීමට සිදු වන බව වාහන හිමිකරුවන් පෙන්වා දී ඇති අතර, ඒ පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.













