ශ්‍රී ලංකාවේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “බටුවත්තේ චාමර” නමැත්තා අසර්බයිජානයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මොහු මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර සිටි සැකකරුවෙකි.
මොහු කලක පටන් විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති අතර, මෑතකදී දිවයිනේ සිදුවූ වෙඩි තැබීම් සහ අපරාධ කිහිපයකට ද මොහුගේ සෘජු සම්බන්ධයක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබුණි. අසර්බයිජාන ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට බලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පැවති බුද්ධි තොරතුරු හුවමාරුවකට අනුවය. සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ජාත්‍යන්තර පොලිසිය හරහා ක්‍රියාත්මක වෙමින් පවතී.













