27 April 2024
#දේශීය

පූජ්‍ය හෑගොඩ අස්සජි මහා ස්ථවිරපාදයන් වහන්සේට පදවි සන්නස් පත්‍ර ප්‍රදානය කෙරේ

ගාල්ල, බූස්ස මහහෑගොඩ ශ්‍රී නිග්‍රෝධාරාම පුරාණ මහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති පූජ්‍ය හෑගොඩ අස්සජි මහා ස්ථවිරපාදයන් වහන්සේ වෙත ‘සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල ඛේමානන්ද’ ගෞරව නාම සහිතව මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ ද්විතීය අධිකරණ සංඝනායක පදවිය පිරිනමමින් ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කෙරේ.

ඒ, මල්වතු මහා විහාරස්ථ උපෝසථාගාරයේදී මල්වතු මහා විහාර පාර්ශවයේ අති ගෞරවනීය මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිිත් යු ගමගේ මහතා ඇතුලු ගිහි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 18 වනදා පැවැත්විය.

මෙහිදී ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ඇතුලු සමස්ථ රජයේ සුභාශිංසන පූජ්‍ය හෑගොඩ අස්සජි මහා ස්ථවිරපාදයන් වහන්සේ වෙත පුදකිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළ අතර, එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පූජ්‍ය හෑගොඩ අස්සජි මහා ස්ථවිරපාදයන් වහන්සේ සමාජය වඩා යහපත් ස්ථානයක් කිරීම උදෙසා එදා මෙදා තුර සිදුකල මෙහෙය වචන කිහිපයකට සීමා කිරීම කිසිසේත් කළ නොහැකි බවත්, උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා දිවා රාත්‍රී නොබලමින් සිය දිවිය කැපකළ ස්වාමීන්වහන්සේ නමක් බවත් ය.

 

මාතලේ – මහේෂ්

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *