• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්කොළ මාෆියාවේ බොරු පුවත් කර්මාන්තය දත්ත සහිතව හෙළිවෙයි

ප්‍රධාන මුසාවන් 3ක් මෙන්න!

8 June 2026
in දේශීය, පුවත්
දුම්කොළ මාෆියාවේ බොරු පුවත් කර්මාන්තය දත්ත සහිතව හෙළිවෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශපාලන අධිකාරිය නොමඟ යවමින් වාර්ෂිකව මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක ජාතික ධනය බදු සහන හරහා තමන් වෙත සූරාගන්නා බහුජාතික දුම්කොළ සමාගම්, එම මූල්‍ය ශක්තිය භාවිත කරමින් මෙරට මාධ්‍ය අවකාශය තුළ අතිදැවැන්ත “ව්‍යාජ පුවත් කර්මාන්තයක්” (Well-funded fake news industry) නඩත්තු කරන බව “වෙරිටේ රිසර්ච්” (Verité Research) ආයතනයේ නවතම පර්යේෂණ වාර්තාව මගින් අනාවරණය කර තිබේ. ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ, ගෝලීය සම්මුතීන් සහ සැබෑ ආර්ථික දත්ත යටපත් කරමින්, සමාජය තුළ ව්‍යාජ මතයන් තහවුරු කිරීම සඳහා පැරණි ප්‍රචාරක මාධ්‍යවේදීන් (Propaganda journalists), සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Social media influencers) මෙන්ම මුදලට පර්යේෂණ පවත්වන ඇතැම් ව්‍යාජ ආයතන ද (Research institutions that play for pay) දුම්කොළ කර්මාන්තය විසින් මිලදී ගෙන ඇති බව එහි සඳහන් වේ.
මෙම සංවිධානාත්මක මාධ්‍ය මෙහෙයුම් හරහා දුම්කොළ සමාගම් විසින් ප්‍රතිපත්ති සම්පාදකයන් බියවැද්දීම සඳහා ප්‍රධාන වශයෙන් ව්‍යාජ තර්ක සහ මුසාවන් තුනක් (Three main forms of fake news) සමාජගත කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එම ප්‍රධාන බොරු තුන මෙසේය:
1. සිගරට් බදු වැඩි කළහොත් පාරිභෝගිකයන් දුම්බීම විශාල ලෙස අඩු කරන බැවින් රජයේ සමස්ත බදු ආදායම පහත වැටෙනු ඇතැයි පැවසීම.
2. බදු වැඩි කිරීමත් සමඟ නීති විරෝධී ලෙස රට තුළට ගෙන්වන හොර සිගරට් (Smuggled substitutes) වෙළඳපොළ ආක්‍රමණය කර රජයේ ආදායම මුළුමනින්ම අහිමි වනු ඇතැයි බියගැන්වීම.
3. අධික බදු බර හේතුවෙන් දුම්කොළ කර්මාන්තය කඩා වැටී දේශීය දුම්කොළ ගොවීන් (Tobacco farmers) දැඩි ලෙස අසරණ වනු ඇතැයි අනුකම්පාව උපදවන ව්‍යාජ මත පලකිරීම.
කෙසේ වෙතත්, ලංකාවේ වෙරිටේ රිසර්ච් ආයතනය, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) මෙන්ම ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල, ලෝක බැංකුව (World Bank), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සිදුකර ඇති සිය ගණනක් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා මගින් දුම්කොළ සමාගම්වල මෙම සියලුම බියගැන්වීම් සහ ව්‍යාජ තර්ක දත්ත සහිතව මුළුමනින්ම පරාජය කර තිබේ.
සිගරට් සඳහා උපරිම බදු පැනවීමේ සැබෑ ආර්ථික විද්‍යාත්මක න්‍යාය (Economic logic) අතිශය සරල සහ පැහැදිලි එකකි. දුම්වැටි මත බදු බර ඉහළ නැංවීම හරහා එකවර මූල්‍යමය සහ සෞඛ්‍යමය ප්‍රතිලාභ ත්‍රිත්වයක් රටට අත්වේ; පළමුවැන්න, රජයේ අත්‍යවශ්‍ය සමාජ සුබසාධන කටයුතු සඳහා අවශ්‍ය වන ජාතික ආදායම (Revenue) ක්ෂණිකව ඉහළ යාමයි. දෙවැන්න, නිදහස් සෞඛ්‍ය පද්ධතියට සහ රජයේ රෝහල්වලට අතිදැවැන්ත වැය බරක් පටවනු ලබන මාරාන්තික නිෂ්පාදනයක් භාවිත කිරීමෙන් ජනතාව වැළැක්වීම හෝ අධෛර්යමත් කිරීමයි. තෙවැන්න සහ වැදගත්ම කරුණ වන්නේ, ඉන්ධන හෝ විදුලි බිල මත පනවන බදු මෙන් නොව, සිගරට් මත පනවන බදු හරහා රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ වන ආහාර, ප්‍රවාහනය හෝ එදිනෙදා ජන ජීවිතයේ මිල ගණන් (Cost of living) කිසිදු ලෙසකින් ඉහළ නොයෑමයි. එබැවින්, දුම්කොළ මාෆියාවේ ව්‍යාජ මාධ්‍ය ප්‍රචාරණයන්ට නොරැවටී, රටට අහිමි වන රුපියල් කෝටි 1,730ක (බිලියන 17.3) ජාතික ධනය වහාම උපයා ගැනීම වෙනුවෙන් සිගරට් බදු වහාම ඉහළ නැංවීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව විද්වතුන් අවධාරණය කර සිටිති.
Post Views: 4
Previous Post

පකිස්ථාන පාලිත කාශ්මීරයේ විරෝධතා අතරතුර ගැටුම් 11 දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

ආර්ථික හා සැපයුම් ක්ෂේත්‍රයට WEAIR ආයෝජනයෙන් නව අවස්ථා

Editor TTV News

Editor TTV News

Next Post
ආර්ථික හා සැපයුම් ක්ෂේත්‍රයට  WEAIR ආයෝජනයෙන් නව අවස්ථා

ආර්ථික හා සැපයුම් ක්ෂේත්‍රයට WEAIR ආයෝජනයෙන් නව අවස්ථා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved