ශ්‍රී ලංකාවේ වත්මන් ජාතික ජන බලවේග රජය බලයට පත් වී ගෙවුණු මාස 18ක කාලය තුළ නීතිය බලාත්මක කිරීමේ අණපනත් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය පෙර නොවූ විරූ අයුරින් වේගවත් වී ඇති බව මෙරට ප්‍රමුඛ පෙළේ දත්ත විශ්ලේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් (Verite Research) සිය වාර්තාවක් මගින් පෙන්වා දෙයි.
මෙම ආයතනය විසින් 2015 වසරේ පිහිටුවනු ලැබූ යහපාලන රජයේ මුල් මාස 18ක කාලය සහ වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ මුල් මාස 18ක කාලය සංසන්දනය කරමින් මෙම විශ්ලේෂණය සිදු කර ඇත. එහි දැක්වෙන පරිදි, යහපාලන රජයේ මුල් මාස 18 තුළ සම්මත කර ඇත්තේ නීති 20ක් පමණි. කෙසේ වෙතත්, වත්මන් පාලනය එම කාල සීමාව තුළ නීති 32ක් සම්මත කර ගැනීමට සමත් වී ඇති අතර එය නීති සම්මත කිරීමේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරයි.
දූෂණ විරෝධී ප්‍රතිපත්තිය මූලික කරගෙන බලයට පත් වූ පාලනයන් දෙකක් වුවද, නීතිමය රාමුව ශක්තිමත් කිරීම සහ අණපනත් සම්මත කර ගැනීම අතින් වත්මන් රජය සුවිශේෂී ප්‍රගතියක් අත්කරගෙන සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
















