වෙසක් උත්සවය නිමිත්තෙන් සමාජ සත්කාරක සහ පාඨමාලා ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස සංවිධානය කළ “ලස්සන දන්සල” මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සහ දිවයිනේ සියලුම පළාත් මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. ජාතික තරුණ සේවා සභාවේ වෘත්තීය පුහුණු වැඩසටහන් හරහා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ තරුණ තරුණියන් විසින් මෙහිදී කාන්තා පිරිමි කොණ්ඩ කැපීම, හිස සම්බාහනය, සම විශ්ලේෂණය හා උපදේශන සේවාව, ඇහි බැම සැකසීම, ක්ලීන්අප් කිරීම, මෙහෙන්දී ඇඳීම ඇතුළු සේවාවන් රැසක් නොමිලේ සපයනු ලැබීය. මෙහි විශේෂම අංගයක් ලෙස වැඩිහිටි නිවාසවල වෙසෙන වැඩිහිටියන් එම ස්ථාන වෙත රැගෙන විත් ඔවුන් වෙනුවෙන් විශේෂ සත්කාරයන් සිදු කිරීම ද කැපී පෙනුණි.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගමදී මෙහි ප්‍රධාන වැඩසටහන පැවැත්වුණු අතර, ඊට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුපුන් විජේරත්න යන මහත්වරුන් ද එක්ව සිටියහ. මීට සමගාමීව මාතර, හල්දුම්මුල්ල, ඇඹිලිපිටිය, වවුනියාව, අනුරාධපුරය, හලාවත, පොල්ගොල්ල සහ අම්පාර යන පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් සෙසු පළාත්වල ද මෙම සත්කාරක දන්සල ඉතා සාර්ථක ලෙස පවත්වා තිබේ.















