උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන ඒකාබද්ධ කරගනිමින් විශේෂ ආගමික හා සංස්කෘතික වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බව බන්ධනාගාර මූලස්ථානය පවසයි.
බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ, බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ මානසික සංහිඳියාව ඇති කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන් දියත් කරන බවයි. මෙවර වෙසක් සමය වෙනුවෙන් රැඳවියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වෙසක් කලාපයක් ද සංවිධානය කිරීමට බන්ධනාගාර පද්ධතිය පියවර ගෙන තිබේ.
















