ශ්‍රී ලංකීය චිත්‍ර කලාවේ සුවිශේෂී සලකුණක් තැබූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී මොටාගෙදර වනිගරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට එතුමා 93 වන වියේ පසු විය.
දශක ගණනාවක් පුරා තම නිර්මාණාත්මක දායකත්වය හරහා ශ්‍රී ලාංකීය ජන සමාජයේ ආකල්ප සහ රසඥතාව ඔප්නැංවීමට එතුමා ඉටු කළේ අමිල මෙහෙවරකි. චිත්‍ර කලාවට එතුමා දැක්වූ කැපවීම සහ නිර්මාණශීලීත්වය ඉදිරි පරම්පරාවට ද විශාල ආදර්ශයක් වනු ඇත.
ප්‍රවීණ කලාකරු මොටාගෙදර වනිගරත්න මහතාගේ වියෝව ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි විශාල පාඩුවකි. එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධ විස්තර පසුව දැනුම් දීමට නියමිතයි.
















