• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 09

පාරාවළල්ලක් වූ වේරහැර සේවයෙන් පහකිරීමේ උත්සාහය උපකුලපති කාර්යාලයේ වාග් සංග්‍රාමය ඇවිලේ

9 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 09
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
අනධ්‍යයන අංශයේ ඉහළම බලධාරියා, වේරහැර නැමැති නිලධාරියාද කැටුව උපකුලපති කාර්යාලයට කඩා වැදුණේ දුම්මල වරම අතින් ගත් යකැදුරෙකු මෙනි. ඒ වන විට කිසියම් ලේඛනයක් පරීක්ෂා කරමින් සිටි උපකුලපති මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන්, මෙම අනවසර කඩාවැදීම පිළිබඳ අසතුටෙන් පසුවුවද, ඒ බව නොඅඟවා ප්‍රශ්නාර්ථය දල්වමින් නිලධාරීන් දෙදෙනා දෙස සෘජු බැල්මක් හෙළුවේය. උපකුලපතිවරයාට වේරහැර පෙන්වා සිටි අනධ්‍යයන ලොක්කා මෙසේ කියා සිටියේය:
“සර් මේ පරයා මේ දැන්ම ඉන්ටර්ඩික් (වැඩ තහනම්) කරන්න ඕන. මූ මුගේ තරම දන්නෙත් නැහැ. මූ තැන තැන කියාගෙන යනවා අර වෑන් එක ගිනි තිබ්බෙ අපියි කියලා.”
උපකුලපතිවරයාට කාරණය වහා අවබෝධ විය. ඒ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අනධ්‍යයන ලොක්කා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් වේරහැර නැමැති නිලධාරියා යම් සාධනීය මැදිහත් වීමක් සිදුකරන බවත් මනාව දැන සිටි ඔහු, අනධ්‍යයන ලොක්කා කෝපාවිෂ්ඨ වීමටත්, ඔහු වේරහැර සේවයෙන් පහකිරීමට උත්සාහ කිරීමේ සැබෑ හේතුවත් වටහා ගත්තේය. එකී අවබෝධය සඟවා ගත් ඔහු මෙසේ පැවසීය:
“එහෙම එකපාරටම මිනිස්සු ඉන්ටර්ඩික් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ ගැන විධිමත් පැමිණිල්ලක් කරන්න.”
“මොන බම්බුවේ පැමිණිලිද සර් තව! මූ හැම තැනම කියල තියෙනවා ඒ කථාව. අපිට එහෙම චෝදනා කර කර මූට මේකෙ වැඩ කරන්න දෙන්න බැහැ. සර් ඇවිල්ල ඉන්නෙ අවුරුදු තුනක් වැඩ කරන්න. සර් ඉදල යයි. මම මේකෙ හැමදාම ඉන්න කෙනෙක්. ඒ නිසා මූ ගෙදර යවන්නම ඕන. මේ දැන්ම ලියුම ගහලා මූ ගෙදර යවන්න!” යනුවෙන් අනධ්‍යයන ලොක්කා නැවතත් උපකුලපතිවරයා වෙත තර්ජනාංගුලිය දිගු කරමින් ආවේගයෙන් කියා සිටියේය. උපකුලපතිවරයා නැග එමින් තිබූ කෝපය මැඩගනිමින් නැවත අවධාරණය කර සිටියේ එසේ සේවකයන් ඉන්ටර්ඩික් කළ නොහැකි බවය.
අනධ්‍යයන ලොක්කාට උන් හිටි තැන් අමතක විය:
“තමුසෙ මහා කොන්ද පණ නැති පෙන්දෙක්. තමුසෙ වගේ උන් එක්ක මේක පාලනය කරන්න බැහැ. මේවගෙන් අපි බලූ වෙනවා!” යැයි ඔහු ආවේගයෙන් කෑගැසුවේ උපකුලපතිවරයාගේ තනතුරෙහි ගෞරවයද පසෙක තබමිනි.
අනධ්‍යයන ලොක්කාගේ ඊතල වැනි වචනවලින් ලෙහෙසියෙන් කෝප ගන්නා පුද්ගලයෙකු නොවූ උපකුලපති අබේගුණවර්ධනයන්ගේ කෝපාග්නියේ රතු ඉර පැන්නේය. එල්ල කෙරුණ නින්දාවත් අවමානයත් ඉවසිය හැකි නොවේ. අසුන් ගෙන සිටි පුටුව පසෙකට විසිකළ උපකුලපතිවරයා ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිට ගර්ජනා කළේ මෙලෙසිනි:
> “බහිනවා මගේ ඔෆිස් එකෙන් එළියට! තමුසෙ කියන කියන විදිහට මිනිස්සු එලවන්න නෙමෙයි මම මෙතන ඉන්නෙ. තමුන්ට වේරහැර එක්ක ඔය තරම් වෛරයක් තියෙන්නේ මේ කියන දේවල්වලත් ඇත්තක් තියෙනවා වෙන්න පුළුවන්!”
උපකුලපතිවරයාගේ අනපේක්ෂිත ගිගිරුමෙන් අසරණ වූ අනධ්‍යයන ලොක්කාට කර කියා ගත හැකි දෙයක් නොවුණ තැන, “හොඳයි එහෙනම් කරල බලමු” යැයි මුමුණමින් පසුබා ගියේ, තමන්ගේ හිස මත කඩා වැටුණේ මොන මරාලයක්දැයි සිතමිනි. උපකුලපති හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන් සහ අනධ්‍යයන ලොක්කා අතර සිදුවුන මෙම වාග් සංග්‍රාමය ඇසින් දුටු එකම පුද්ගලයා ප්‍රධාන විනයාරක්ෂක නිලධාරී අනුර වේරහැරය.
මෙතෙක් කිසිවක් මුවින් නොබැණ සිදුවීම දෙස බලාගෙන සිටි වේරහැරට උපකුලපතිවරයාගේ අනම්‍ය ප්‍රතිපත්තිය ගැන විශාල ගෞරවයක් හට ගත්තේය. ඉන් අනතුරුව වෑන් රථය ගිනි තැබීම ගැන වන සිදුවීමෙහි සියලු තොරතුරු උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කළ ඔහු මෙසේ කීවේ හදවත බර කරගෙනය:
“සර් මට හරි ආඩම්බරයි සර් වගේ යුක්තිගරුක උපකුලපතිවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන. අපි ජීවිත පරිත්‍යාගයෙන් හරි සර්ව ආරක්‍ෂා කරනවා. සර් කිසි දේකට බයවෙන්න එපා.”
එම අවස්ථාවේදී සිය හඬ අවදිකළ උපකුලපති අබේගුණවර්ධන: “වේරහැර, අපි මේ සිද්ධියේ ඇත්ත හොයල වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න. මගේ උපරිම සහයෝගය මම ඔයාලට දෙනවා” යනුවෙන් වැරදිකරුවන් සොයා යාමට වේරහැරට නියත විවරණ ලබා දුන්නේය.
– අනධ්‍යයන ලොක්කා ගෙදර යැවූ හැටි ඊළඟ කොටසින් කියවන්න
Post Views: 10
Previous Post

මෙය යුද්ධයක් නොව ඉරානය සතු න්‍යෂ්ටික අවි නැති කිරීමේ උත්සාහයක් බව ට්‍රම්ප් පවසයි

Next Post

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ආරක්ෂක හා දේශපාලන සබඳතා ශක්තිමත් කර ගැනීමේ සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post

ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර ආරක්ෂක හා දේශපාලන සබඳතා ශක්තිමත් කර ගැනීමේ සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved