වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතයට දැඩි සීමා පැනවීම පිණිස වියට්නාම රජය නව නීතිරීති හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
මෙම යෝජිත නීති යටතේ අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම (Posts) සහ ප්‍රතිචාර දැක්වීම (Comments) සපුරා තහනම් වන අතර, දෙමාපියෙකුගේ හෝ නිසි භාරකරුවෙකුගේ නිල තොරතුරු තහවුරු කිරීමෙන් අනතුරුව පමණක් ඔවුන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සැලසෙනු ඇත.














